Monday, October 17, 2011

අන්තර්ජාල බැංකු ගිණුම් paypal

     ඔන්න දැන් මම ඔයගොල්ල වෙනුවෙන් පිටු 02 ක්ම ලිව්වා. ඒ දෙකම ලියල තියෙන්නේ   ඉතාම සරලව,   කෙනෙක්ට බින්දුවේ ඉඳල පටන්ගෙන වුනත් හරි පාරට වැටෙන්න පුළුවන් විදිහට. හැබැයි දැන් නම් මම ටිකක් සීරියස් වෙනවා. මොකද ඊළඟට මට කතාකරන්න තියෙන මාතෘකාවත් කලින්ට වඩා ටිකක් සීරියස් එකක්. 

      අපි කලින් alertpay ගිණුමක් හදාගන්න හැටි බැලුවා. දැන් බලන්න යන්නේ paypal ගිණුමක් සාදාගන්න ආකාරයයි. හැබැයි යාලුවනේ alertpay ගිණුමක් හදාගත්ත වගේ paypal ගිණුමක් හදාගන්න එක ලේසි වෙන්නේ නැහැ. මොකද , paypal ලංකාවට සපෝර්ට් කරන්නේ නැති නිසා ලංකාවේ කෙනෙක් විදිහට ගිණුම හැදුවොත් අපට paypal හරහා මුදල් හෝ භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකි වෙනවා. මේ නිසා අප කරනුයේ පිටරට කෙනෙක් විදිහට පිටරට ලිපින හා දුරකථන අංක ලබා දී ගිණුම සැකසීමයි.   

  මුලින්ම මෙම ලින්ක් එක ක්ලික් කරලා paypal වෙබ් අඩවිය වෙත යන්න.    


එවිට පහත ආකාරයේ පිටුවක් දක්නට ලැබේවි.  


  එම පිටුවේ ඉහලින්ම ඇති sign up යන්න මත ක්ලික් කරන්න.  එවිට පහත වින්ඩෝව මතු වෙයි.




  එහි රට ලෙස ශ්‍රීලංකාව තෝරන්න එපා. ඒ වෙනුවට පහතින් දැක්වෙන වෙනත් රටක් තෝරාගන්න.

එක්සත් රාජධානිය (united kingdom) තෝරන්නේ නම් වඩාත් හොඳයි. අනතුරුව get started බොත්තම ක්ලික් කරන්න.  එවිට පහත ෆෝරමය මතු වේවි.



එහි ඔබගේ නමත්, උපන් දිනයත්, භාවිතයේ පවතින ඊමේල් ලිපිනයකුත්, මුරපදයකුත් ලබාදෙන්න. ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්නේ.
  වෙන විදිහකට කිව්වොත් බොරු කියන්න පටන් ගන්නේ මෙතැන ඉඳල තමයි.




ඔය උඩින් තියන පින්තුරේ රතු පාටින් කොටු කරලා තියෙන හැම එකටම බොරු කියන්න ටමයි වෙන්නේ.
මුලින්ම අහල තියෙන "address line1" කියන එකට පිටරට බොරු ලිපිනයක් දෙන්න වෙනවා. ඒක මෙතනින් ගිහින් හොයාගන්න.  "address line2"   යන්න හිස්ව තබන්න.    


ඉහත රුපයේ රතු , නිල් , හා කොළ  පාටින් පිලිවෙලින්  ලිපිනය, තැපැල් අංකය (postal code) හා  දුරකථන අංකය දක්වයි. අනතුරුව  "town " හා "county "
යන හිස්තැන් පිරවීමට පහත link එක ක්ලික් කරන්න. click here 

එහිදී ඔබ කලින් භාවිත කල "postal code " එක භාවිතා කර වගුව ඇසුරෙන් "county " හා "town" තෝරාගන්න.
අවසානයේ පහළින් වූ කොටුව තුල ඇති හරි ලකුණ ඉවත්කර යටින්ම ඇති බොත්තම මත ක්ලික් කරන්න
ඉන්පසු ඔබට අවශ්‍යනම් ඔබේ බැංකු ගිණුම් වල තොරතුරුද ලබාදෙන්න.  

ඔබ එක්සත් රාජධානියේ විදිහට ගිණුම නොසාදන ලද්දේ නම් ඔබට භාණ්ඩ ගෙන්වා ගැනීමට ගිණුම verify කල යුතු වෙනවා.



1 comment:

  1. WAWWWWWWWWWWWWWW, thank you a lot tharindu. I will start to earn money from internet today :)

    ReplyDelete