අද අන්තර්ජාලයේ තිබෙන ප්‍රධානම බැංකු තුන නම්, alertpay, paypal,සහ moneybookers මින් ශ්‍රිලංකාවේ බහුලවම භාවිතා වන්නේ alertpay බැංකුවයි. ඕනෑම ගෙවීමක් කිරීමටත් ඕනෑම භාණ්ඩයක් හෝ මුදල් ගෙන්වා ගැනීමටත් හැකි වීම මෙහි ඇති සුවිශේෂත්වයයි.pay pal මගින් ගෙවීම් කිරීමට හැකි වුවත් භාණ්ඩ හා මුදල් ගෙන්වා ගැනීම අපහසු කටයුත්තකි.කෙසේ නමුත් මෙම බැංකු දෙකේ ගිණුම් 02 ක් සාදා ගැනිම යෝග්‍ය වේ.
මේකත් මම ඕනෑම කෙනෙක්ට, හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් විදිහට ගොඩක් සරලව තමයි ඉදිරිපත් කරන්නේ
අපි දැන් බලමු alertpay ගිණුමක් සාදා ගන්නේ කොහොමද කියල....
මුලින්ම පහලින් තියෙන කොටුව ක්ලික් කරන්න.
එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබෙන අතර එහි වූ sign up බොත්තම මත ක්ලික් කල යුතුයි.
ඉන්පසු තවත් වින්ඩෝවක් මතුවන අතර එහි රට ලෙස srilanka යන්න තෝරන්න. ඊට පහතින් ඇති තේරීම් අතරින් personal starter යන්න තෝරා next step බොත්තම මත ක්ලික් කරන්න.
එහි "saluation" එක තෝරන්න.අනතුරුව "first name" , "last name" යන ඒවාට පිලිවෙලින් ඔබගේ මුල් නම සහ අවසාන නම යොදන්න.
"address line1 " යන්නට ඔබගේ ලිපිනය ලබා දෙන්න.
"address line2 " යන්න හිස්ව තබන්න.
"city" යන්නට ඔබට ආසන්න නගරයත්,
"region" යන්නට ඔබ සිටින පළාතත් ලබා දෙන්න.
"postal code" යන්නට ඔබසිටින ප්‍රදේශයේ තැපැල් කාර්යාලයේ අංකය ලබා දෙන්න. දන්නේ නැතිනම් මෙතනින් ගන්න.
අනතුරුව "citizenship" යන්නට srilanka ලෙස තෝරන්න.
"occupation" යන්නට ඔබගේ රැකියාවත්,
"date of birth" යන්නට ඔබගේ උපන් දිනයත් යොදා
next step බොත්තම මත ක්ලික් කරන්න.
එවිට පහත ආකාරයේ වින්ඩෝවක් විවෘත වෙයි.
එහි "email address" ලෙස සදහන් වී ඇති ඔබගේ ඊමේල් ගිණුමේ ලිපිනය ලබාදෙන්න. (අන්තර්ජාල බැංකු ගිණුම් සඳහා වෙනමම ඊමේල් ලිපිනයක් භාවිතා කරන්නේනම් වඩාත් හොඳයි.)
"password" එක විදිහට කලින් පාවිච්චි කරපු නැති මුරපදයක් යොදන එක වඩාත් හොඳයි. ඒ වගේම දිගින් වැඩි, අකුරු සහ ඉලක්කම් 02 ම සහිත මුරපදයක් වීම හොඳයි.
"transaction pin" එක විදිහට තමන්ට කැමති අංකයක් යොදා ගන්න පුළුවන්.හැබැයි ඒක අනිවාර්යෙන්ම මතකතියාගන්න වෙනවා.
දෙවෙනි කොටුවෙන් තමන් කැමති ප්‍රශ්නයක් තෝරාගෙන එයට පිළිතුරු දෙන්න.{මෙය වැදගත් වනුයේ ඔබගේ මුරපදය අමතක වූ විටයි.
තෙවෙනි කොටුව එලෙසම තබන්න. {No ලෙස}
හතරවන කොටුවේ ඇති වචනය/වචන හඳුනාගෙන එය කුඩා කොටුව තුල ටයිප් කරන්න. {යම් වචනයක් පැහැදිලිව නොපෙනෙයි නම් එම වචනය ඇසීමට හෝ ඒ වෙනුවට වෙනත් වචනයක් ඉල්ලීමට ඔබට හැකියාව ඇත. ඒ සඳහා දකුණුපස වූ කුඩා කොටු භාවිතා කරන්න.}
අවසානයේ යටින්ම ඇති කුඩා කොටුව තුල ක්ලික් කර final step බොත්තම ඔබන්න.
අවසානයේ ඉහත සඳහන් වින්ඩෝව ලැබෙයි.
නමුත් වැඩය ඉවර නැත.
ඔබ ලබා දුන් ඊමේල් ලිපිනයට ගොස් එහි ඇති validation link එක මත ක්ලික් කල යුතුය.
එවිට ඔබගේ alertpay ගිණුම සක්‍රිය වේවි.
උදව්වක් ඕන නම් comment එකක් දාල යන්න.
පිට රටක ඉන්න අයට පුලුවන්ද
ReplyDelete