ඔබට ඊමේල් ලිපින ලබා ගත හැකි ආයතන ලෙස Google, Yahoo, Hotmail යන ඒවා දැක්විය හැකියි. එම ආයතන මගින් ඔබට නොමිලේම ඊමේල් ලිපින ඕනෑම සංඛ්‍යාවක් ලබාගත හැකියි. මෙහිදී Google මගින් Gmail ගිණුමක් සාදා ගන්නේ කෙසේදැයි බලමු.
ඒ සඳහා පළමුව පහත අයිකනය මත ක්ලික් කරන්න.
එවිට පහත ආකාරයේ window එකක් ලැබෙවි.
එහි වූ "first name" , "Last name" යන ඒවාට පිලිවෙලින් ඔබගේ මුල් නම සහ අවසාන නම ලබාදෙන්න.
ඉන් පසුව ඇති "desired login name" යන්නට ඔබට කැමති ඕනෑම නමක් යොදන්න. එම යොදන නමත් එයට පසුව ඇති @gmail.com යන්නෙත් එකතුව ඔබේ ඊමේල් ලිපිනය බවට පත් වෙයි. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු දෙයක් තිබේ.ඔබ යොදන නම මීට පෙර වෙන කෙනෙකු විසින් යොදා ඇත්නම් ඔබට එම නම භාවිත කල නොහැකි වෙයි.එය දැනගැනීම සඳහා "check availability" බොත්තම මත ක්ලික් කල යුතු වේ. එය දැනටමත් භාවිතයේ පවතී නම් පහත ආකාරයේ පණිවිඩයක් දිස්වෙයි.
එමගින් අපට විකල්ප නම් කීපයක් යෝජනා කරයි. කැමතිනම් එම විකල්ප නමක් තෝරා ගැනීම හෝ වෙනත් නමක් ලබා දිය හැක.
අනතුරුව ඔබෙන් මුරපදයක් "pass word" එකක් ඉල්ලනු ලබයි. ඒ සඳහා ඔබ කැමති මුරපදයක් ලබා දිය හැක. එය සංකේත 8කට වඩා වැඩි වීම සහ අකුරු, ඉලක්කම් යන දෙකෙන්ම යුක්ත වීම වඩා යෝග්‍ය වෙයි. මුරපදය අනිවාර්යෙන්ම මතක තබා ගත යුතු වෙයි.
මෙම මුරපදය නැවත වතාවක් ඊට යට තිරුවේද සටහන් කල යුතු වෙයි.
අනතුරුව "security question" යන්නෙන් තමන් කැමති ප්‍රශ්නයක් තෝරගෙන ඊට අදාල පිළිතුර යට තීරුවේ සටහන් කරන්න.
ඊට පසුව ඇති "recovery email" යන්න හිස්ව තබන්න.
"location" යන්නට srilanka ලෙස තෝරා ඉන් පසු ඇති "birthday" තිරුවේ ඔබගේ උපන්දිනය සටහන් කරන්න.
අවසානයට ඇති "word verification" යටතේ ඇති වචනය ඔබ විසින් නිවැරදිව හඳුනාගෙන පහතින් ඇති කොටුව තුල type කරන්න.
අවසානයේ පහළින්ම ඇති "i accept create my account" යන්න ක්ලික් කරන්න.
එවිට පහත වින්ඩොව් මතුවෙයි. [පහත වින්ඩෝව දිස්වන්නේ මුල් පියවර සියල්ල සාර්ථකව අවසන් කලොත් පමණි. නැතහොත් දිස්වන්නේ අවසානයට අප පුරවා අවසන් කල ෆෝරමයයි (එහි ඔබ කල වැරදි රතු පාටින් දක්වනු ලබයි)]
එහි Text massage යන්නත් රට ලෙස srilanka ලෙසත් තෝරා ගන්න.
අනතුරුව ඔබගේ ජංගම දුරකථන අංකය ඇතුලත් කර බොත්තම ක්ලික් කරන්න.
එවිට පහත වින්ඩෝව ලැබෙන අතර ඔබගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් verification code එක ලැබෙයි.
එහි වූ කොටුව තුල අදාල verification code එක ඇතුලත් කරන්න.
එවිට ඔබගේ ගිණුම සක්‍රිය වේවී.
කාටහරි yahoo වලින් හරි hotmail වලින් හරි ඊමේල් හදන්න ඕන නම් ඒකත් මීට බොහෝ දුරට සමානයි. හැබැයි hotmail වල තමන් ඉන්න ප්‍රදේශයේ 'postal code ' {zip code} එක ඉල්ලනවා. ඒක මෙතනින් හොයාගන්න.
ඔබට උදව්වක් ඕනනම් comment එකක් දාන්න.
අයියේ වැඩේ නම් නියමයි. දිගටම කරගෙන යන්න
ReplyDelete