Saturday, October 15, 2011

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

මේ දවස්වල වැඩි දෙනෙක් කතා වෙන දෙයක් තමා "Internet money". දකින දකින තැන් වල , {අන්තර්ජාලයේ,පරිගණක සඟරා වල} ඉන්ටෙර්නෙට් මනී ගැන ලිපි  ඕන තරම් තියනව. නමුත් අන්තර්ජාලයෙන් මුදල් සොයන ආකාරය නිවැරදිව, සරලව , කියා දෙන වෙබ් අඩවි තියෙන්නේ අතලොස්සක් පමණි. තවද අන්තර්ජාලය තුල සිදුවන වංචා ප්‍රමාණයද ඉතා ඉහල අගයක් ගනී. ඔබව එවන් වන්චකාරින්ට හසු නොවී ඔබට නිවරදි මග පෙන්වීම අපගේ අරමුණයි.


ඔබ අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට අදහස් කරන්නේ නම් පළමුව ඔබට හොඳ ඉවසීමක් තිබිය යුතය. මන්ද යත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ඔබ සිතන තරම් පහසු කටයුත්තක් නොවන නිසාය. බොහෝ දෙනෙක් ඉක්මනින් විශාල මුදල්  ප්‍රමාණයක් සෙවීමට ගොස් අමාරුවේ වැටෙති. තවත් පිරිසක් අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීමට නොහැකි බව පවසති .ඔවුනට කීමට ඇත්තේ මෙම බ්ලොග් අඩවිය තුල වූ මුදල් උපයන ක්‍රම ඉවසීමෙන් අනුගමනය කරන ලෙසටයි.

ඉතාම සරල ක්‍රම වලින් පටන් ගෙන සංකීර්ණ ක්‍රම වලින් මුදල් සොයන අයුරු මෙහිදී අප ඔබට කියාදෙනු ලබනවා. internet money ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත හැකි අයුරින් මෙම ලිපි පෙළ සැකසිම අපගේ බලාපොරොත්තවයි.

ඔබට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට අවශ්‍ය වන්නේ,

1.සුළු ඉංග්‍රීසි දැනීමක් 
2.මුදල් ඉපයීමට ඇති උනන්දුව 
3.ඉවසීම                                                                     

  තවත් දෙයක් කිව යුතුයි. මෙම බ්ලොග් අඩවිය රඳා පවතිනුයේ ඔබ නිසයි. ඒ නිසා ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ලබාදෙන්න. එපමණක් නොව ඔබට මතුවෙන ඕනෑම ගැටලුවකදී සහය වීමට අපි සුදානමින් සිටින්නෙමු.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට පහත සඳහන් අවශ්‍යතා සපුරා ගතයුතුය.
1.අන්තර්ජාල සම්බන්ධතාව ඇති පරිඝනකයක්.
2.ඊමේල් ලිපිනයක් / කීපයක් 
3.අන්තර්ජාල බැංකු ගිණුමක් / කීපයක් 
4.වෙබ් අඩවියක් / කීපයක්
5.Credit හෝ Debit කාඩ් පතක් 
ඔබට දැනටමත් අන්තර්ජාල සම්බන්ධතාව සහිත පරිගණකයක් ඇතයි සිතමි. අනෙකුත් අවශ්‍යතා ඉටු කරගන්නා ආකාරය ඉදිරියේදී විස්තර කර ඇත. 
 

No comments:

Post a Comment